Friday, April 26, 2024

General line - 0115112241

පැරා ඔලිම්පික් පදක්කමක් ශී‍්‍ර ලංකාවට තත්පර තුනකින් ගිලිහෙයි (VIDEO)




රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ටී 42, 47 කාණ්ඩයේ මීටර් සියය පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් 4 වන ස්ථනය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණේ උපුල් ඉන්දික චූලදාස, දිනේෂ් පි‍්‍රයන්ත හේරත්, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාරයි.

ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 47.12 ක් වුණා. 3 වන ස්ථානය දිනාගත්තේ ජපානයයි. තත්පර 44.16 ක කාලයකින් ඔවුන් තරගය නිමා කළා. ඒ අනුව ශී‍්‍ර ලංකාවට මෙම තරගයේ ලෝකඩ පදක්කම ගිලිහී ගියේ තත්පර 3 ක් වැනි කෙටි කාල පරතරයකින්. ජර්මනිය රන් පදක්කමත්, බ‍්‍රසීලය රිදි පදක්කමත් දිනාගත්තා.

කෙසේවෙතත් මුලින් ප‍්‍රකාශ වුයේ රන් පදක්කම අමෙරිකාව විසින් දිනාගත් බවයි. එහෙත් තරගය අතරතුර ඔවුන් විසින් තාක්‍ෂණික වරදක් සිදුකර ඇතැයි පසුව හෙළි වුණා. ඔවුන්ගේ ජයග‍්‍රහණය අවලංගු කර නව ප‍්‍රතිඵලය නිකුත් කෙරුණේ ඒ අනුවයි.

මෙම තරගයේදී පෙරමුණ ගත් සියලු කණ්ඩායම්වල කී‍්‍රඩකයන් අධිතාක්‍ෂණික කෘතිම පාද යොදාගෙන කී‍්‍රඩා කිරීම විශේෂත්වයක් වුණා. වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වන එවැනි පාද යුගලක් නිසා කි‍්‍රඩකයන්ට අතිරේක වාසියක් සැලසෙන බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරියෙකු කියාසිටියේ.

එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ධාවනයේ යෙදුණේ සාමාන්‍ය කෘතිම පාද පැළඳගෙනයි. ඔවුන්ටද අධි තාක්‍ෂණික කෘතිම පාද තිබුණේ නම් පහසුවෙන් පදක්කමක් දිනාගැනීමට හැකියාව තිබුණ බවද අදාළ නිලධාරියා පැවසුවා.

14302740_10210655028318200_1845621867_n  14330841_10210655060839013_797139821_n