Thursday, December 26, 2024

General line - 0115112241

දුම්වැටි අළෙවිය තහනම් කිරීමට ජනපතිට යෝජනාවක්




දුම් නොබන කලාප ලෙස නම් කෙරුණු ප‍්‍රදේශවල දුම්වැටි අළෙවියද තහනම් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති රංජිත් විතානගේ ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

“රෝහල් ආශ්‍රිතව දුම් නොබොන කලාප පිහිටුවීමට රජය තීරණය කළා.නමුත් එම කලාප මේ වන විට වචනයට පමණක් සීමා වෙලා තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නැහැ. කොළඹ මහ රෝහල අවට දුම් නොබෙන කලාප තුළ පිහිටා ඇති වෙළඳසැල්වල විශාල ලෙස දුම්වැටි අලෙවි වනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා වහාම මේ දුම් නොබොන කලාප තුළ පිහිටා තිබෙන දුම්වැටි අලෙවිකරන ස්ථාන පිළිබඳව නිලධාරීන් දැනුවත් කරලා , මේවට නීතී හදලා වහාම නියෝග කරන්න කියලා මෙම දුම්වැටි අලෙවි කරන ස්ථානවලින් මේවා ඉවත් කිරීමට එහෙම නැත්නම් තහනම් කිරීමට”.

මීට අදාළව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

letter-to-peresident-non-smoking