දැනට නිවෙස්වල සවිකර ඇති විදුලි පේනු සහ කෙවෙනි (Plugs & Sockets) භාවිතය මාරු කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම තීරණය 2016 අගෝස්තු මස 16 වැනි දින සිට බලාත්මක බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ජාතික ප්‍රමිතිය ලෙස සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් “ජී” වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීමටයි රජය තීරණය කර ඇත්තේ.
මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60 කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 03 ක් ද භාවිතා කෙරෙනවා. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස “ජී” වර්ගයේ පේනු සහ කෙවෙනි භාවිතා කිරීම සිදු කෙරෙනවා.
(මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)