Wednesday, April 24, 2024

General line - 0115112241

සිය දරුවන් වෙනුවෙන් දොස්තරලා හෙට පාරට




මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවල වෛද්‍යවරුන් හෙට (15) සංකේත වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පෙරවරු 8.30 සිට පැය 4 ක් මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතයි.

සිය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී පවතින අපහසුතා පිළිබඳ මෙහිදී ආණ්ඩුවට විරෝධය පළ කරන බවයි රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.