Saturday, April 20, 2024

General line - 0115112241

නිමල් අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරනවලු




තමන් අසාමාන්‍ය අමාත්‍යවරයෙකු බව නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු එ් බව පැවසුවේ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ අද (14) පැවැති උත්සවයකදීයි.

එහිදී හෙතෙම සඳහන් කළේ සෙසු දේශපාලනඥයන් හා සැසඳීමේදී තමන් අසාමාන්‍ය ඇමතිවරයෙකු බවයි.

“පසුගිය ඇමතිවරු දිහා බලලා මං ගැන හිතනවා ඇති මොකද මේ අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන්නෙ කියලා. මම දේශපාලනය කරන්න ලංගම තෝතැන්නක් කරගත්තෙ නැහැ. ශ්‍රීලනිපයෙනුත් බස් දීලා සල්ලි ගත්තා..එජාපයෙනුත් බස් දීලා සල්ලි ගත්තා. ලංගම අරමුදල්වලින් ප්ලේන් ටී එකක්වත් මම බීලා නැහැ.” යනුවෙන්ද සඳහන් කළා.

ඉකුත් මැයි මාසයේදි ඇති වූ ආපදා හේතුවෙන් විපතට පත් ශී‍්‍ර ලංගම සේවකයන් 279 දෙනෙකු සඳහා ආධාර මුදල් ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.