Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට පොලිසියේදී තරුණයා අතුරුදන් වූ බව පොලිසිය පිළිගනී




හම්බන්තොට බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධියේ දී හම්බන්තොට පොලිසිය ව්‍යාජ සටහන් යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

තරුණයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලිසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවක් පොලිස් පොතේ සටහන් කර තිබෙන බවයි ඔහු කියා සිටියේ. අදාළ තරුණයා පොලිසියේ දී අතුරුදන් වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අද (14) පැවැති කරුණු අනාවරණයකදී හෙතෙම සඳහන් කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ තවත් දින දෙකකදී නිමකළ හැකි අතර පොලිස් නිලධරයකු බලය අයුතු ලෙස යෙදීම හෝ සාපරාධී ක්‍රියාවක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.