උප ඡායා චන්ද්‍රග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට ඉහළ අහසේ අද රාත‍්‍රියේ දිස්වන බව ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාත‍්‍රී 10 යි 24 ට පමණ පෘථිවියේ උප ඡායාවට චන්ද්‍රයා ඇතුළු වී පසුදා අලූයම 2 යි 23ට ඉවත් වන බවයි.
චන්ද්‍රග‍්‍රහණයේ උපරිම අවස්ථාව රාත‍්‍රී 12 යි 24 ට දැකිය හැකි වනවා. පැහැදිලි අහසක් තිබේනම් ශ‍්‍රී ලංකා වාසීන් සියලූ දෙනාටම මෙම සංසිද්ධිය නැරඹිය හැකි බවත් එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඇසට හානිදායක නොවන බවත් ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ප‍්‍රකාශ කළා.
තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට උප ඡායා ග‍්‍රහණයක දී චන්ද්‍රයාගේ වර්ණයේ සිදු වන වෙනස්වීම් හඳුනා ගැනීමට හැකිවන බව ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය වැඩිදුරටත් පැවසුවා.