Saturday, September 21, 2024

General line - 0115112241

හෙදියන් ගබ්සාවීමේ අවදානම ගැන සෞඛ්‍ය ලේකම්ගේ ඇස් ඇරේ




මහරගම පිළිකා රෝහලේ හෝ වෙනත් ඕනෑම රෝහලක පිළිකා ඒකකයන්හි සේවය කරන හෙදියන් කිසියම් සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා සොයා බලන බව අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ හෙද කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය පුළුල් වගකීමකින් යුතුව කටයුතු කරන බවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය ඉකුත්දා ප‍්‍රකාශ කළේ මහරගම පිළිකා රෝහලේ සේවය කරන හෙදියන්ට ගබ්සාවීමේ අවදානමක් පවතින බවයි.