Tuesday, September 24, 2024

General line - 0115112241

රත්මලානේ අලුයම ඇති වූ ගින්න තවමත් ඇවිලෙයි




රත්මලාන ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක අද (06) අළුයම ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි වාර්තා වන්නේ. ගින්න හටගෙන ඇත්තේ රථ වාහන සේවා සපයන ආයතනයක් ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකයි.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොමුකර ඇති බවයි දෙහිවල ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය සදහන් කළේ. මොරටුව නගර සභාවේ ගිනි නිවන රථයක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ගිනි ගැනීමට ලක් වූ ගොඩනැගිල්ලේ රසායනික ද්‍රව්‍යක් තිබීම හේතුවෙන් ගින්න පාලනය තරමක් අපහසු වී ඇතැයිද දෙහිවල ගල්කිස්ස ගිනි නිවීම් ඒකකයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.

14543541_10210797283233417_1877632445_n 14556104_10210797282793406_1989899507_n 14585293_10210797283273418_1930093525_n 14585324_10210797283553425_1212306984_n  14593386_10210797282913409_1594294106_n