Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරු ඉඩම් අයිති ත්‍රිවිධ හමුදාවටයි – මන්ත්‍රී වීරකුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




හමුදා කඳවුරු ඉවත් කරන ලෙස හඬ නගන්නේ යුද හමුදාව පිළිබඳ ගැටලූ පවතින පුද්ගලයන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා.

ඉඩම් පවරා ගැනීමේ පනතේ වගන්ති සංශෝධනය කිරීම සඳහා වූ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රටේ අනෙකුත් පළාත් වලත් බොහෝ හමුදා කඳවුරු තිබෙන බවත් ඇතැමුන් සිතා සිටින්නේ හමුදා කඳවුරු ඇත්තේ උතුරේ පමණක් බවත් ඔහු පැවසුවා

දැන් පණ්ඩිත කතා වැක්කෙරුවත් උතුරු ඉඩම් දිනාගනු ලැබුවේ ත්‍රිවිධ හමුදාව විසින් බවත් යුක්තියේ නාමයෙන් ඒවායෙ අයිතිය ඇත්තේ හමුදාවට බවත්
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.