Friday, April 26, 2024

General line - 0115112241

2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියාවේ ජනපතිට




කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්තෝස්ට (Juan Manuel Santos) 2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

කොලොම්බියාවේ ෆාක් කැරළිකරුවන් සමග වසර 4ක දීර්ඝ සාකච්ඡාවකින් පසු සාම ගිවිසුමකට එළඹීම සඳහා ඔහු ඉටුකළ කාර්යභාරය වෙනුවෙන් මෙම සම්මානය ඔහුට පිරිනැමීමටයි එම කමිටුව තීරණය කර ඇත්තේ.

කොලොම්බියානු ෆාක් ගරිල්ලන් සහ එරට හමුදා අතර වසර 52ක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට වඩා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් එම සාම ගිවිසුම කොලොම්බියාවේ පැවති ජනමත විචාරණයේදී ප‍්‍රතික්ෂේප වීමද විශේෂත්වයක්. මෙම සම්මානය පිරිනැමීම එළැඹෙන 10 වෙනිදා සිදුකිරීමට නියමිතයි.