Tuesday, September 24, 2024

General line - 0115112241

“අද මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා”




ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේදී අද (08) පවත්වන ජන රැළිය ආණ්ඩු විරෝධී සිය අරගලයේ තවත් එක් කේන්ද්‍රීය අවස්ථාවක් වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩි දුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමුඛ ප්‍රාදේශිය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු රැසක් මෙම රැළිය සඳහා එක්වන බවයි.‍

‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ ලෙස නම් කර ඇති මෙම රැළිය අද සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.