Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරු මහඇමතිට මරණ තර්ජන ලු – දකුණට ඇඟිල්ල දිගු කරයි




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

උතුරු පළාත් සභාවේ සභාපති කන්දයියා සිවඥානම් මේ බව පෙන්වා දෙමින් සඳහන් කරන්නේ ඒ හේතුවෙන්  සී.වී. විග්නේෂ්වරන් වෙනුවෙන් අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි.

ඔහු මෙම ඉල්ලීම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් සඳහන්.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉකුත් දා කළ බව කියන ප‍්‍රකාශ නිසා ඔහුට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇතැයි ද උතුරු පළාත් සභාවේ සභාපති කන්දයියා සිවඥානම් කියා සිටියා.

මෙම මරණ තර්ජන එල්ල වී ඇත්තේ දකුණේ ජාතිවාදී බලවේගවලින් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. සී.වී. විග්නේෂ්වරන්ට කිසියම් අනතුරක් සිදුකර එහි වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් වෙත පැවරීම ඔවුන්ගේ උවමනාව වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සී.වී. විග්නේෂ්වරන්ට දැනට සපයා තිබෙන්නේ සෙසු පළාත්වල ප‍්‍රධාන අමාත්‍යවරුන්ට ලබා දී ඇති ආරක්ෂාවට සමාන ආරක්ෂාවක්.