Tuesday, September 24, 2024

General line - 0115112241

බලවත් රටවල් අභිභවා යාමට හැකි ක්‍රමය ගැන හරීන් ආසියානු සමුළුවට කියයි




පාරම්පරික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස්‌ නව තාක්‌ෂණ දැනුම උපයෝගී කර ගනිමින් ඩිජිටල්කරණය හරහා නව තාක්‌ෂණය මුසුවු ගමනක්‌ යාමට අප අධිෂ්ඨාන කර ගත යුතු බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධානය කරන ලද ඉන්දීය ආර්ථික සමුළුවේ දෙවන දින දේශනය පවත්වමින් ඔහු සඳහන් කළේ මුළු දකුණු ආසියාවම එකට එක්‌වී වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගනිමින් ඩිජිටල් තාක්‌ෂණය හරහා ගමන පෙරට ගෙන යන්නේ නම් බලවත් රටවල් පවා අභිභවා යාමට හැකි බවයි.

යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික සමාජ පසුබෑමකට ලක්‌වූවත් මේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු පියවර දැන් ආණ්‌ඩුවක්‌ වශයෙන් ගනිමින් පවතින බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඩිජිටල් තාක්‌ෂණය ගැන කතා කිරීමට පෙර ඩිජිටල් තාක්‌ෂණය යනු කුමක්‌ද යන්න ජනතාව දැනුවත් කිරීම අපේ පළමු කාර්ය විය යුතු බව පැවසූ අමාත්‍යවරයා ඩිජිටල් තාක්‌ෂණයේ වටිනාකම ජනතාවට නොදැනේ නම් සියලු උත්සාහයන් අසාර්ථක වීමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නා.

පාසල් හැරයන ළමයකු ත්‍රීවිල් රියදුරකු ලෙස රැකියාව ආරම්භ කළ ද ඔහු කුලී රථ රියදුරකු ලෙසම මියයෑමට වඩා ඔහුට එම තත්ත්වයෙන් මිදී තාක්‌ෂණ දැනුම හරහා ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාවක්‌ නිර්මාණය කිරීම අපේ අභියෝගය බවද හෙතෙම එහිදී කියා සිටියා.

14593712_1665030047158931_563234801_n 14608185_1665030060492263_148929563_n 14620062_1665030057158930_1365621235_n