Thursday, April 25, 2024

General line - 0115112241

මියන්මාරයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරයි




මියන්මාරයට පනවා තිබූ ආර්ථික සම්බාධක රැසක් ලිහිල් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති බරක් ඔබාමා මේ වනවිටත් අත්සන් තබා ඇති බවයි බී. බී සී. ලෝක සේවය පවසන්නේ.

මියන්මාරයේ රාජ්‍ය උපදේශක අවුන්සාන් සුකී සමග කළ සාකච්ඡාවකින් පසු අමෙරිකාව මෙම තීරණයට එළඹ තිබෙනවා.

අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මියන්මාරයේ බලයට පැමිණීමෙන් පසු එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රමයෙන් තහවුරු වෙමින් තිබෙන බවයි අමෙරිකාවේ ස්ථාවරය වී තිබෙන්නේ.

ඊට සහය ලබාදීමක් ලෙස මියන්මාරයට පනවා තිබූ ආර්ථික සම්බාධක ලිහිල් කරන බව ජනාධිපති බරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් සම්බාධක පමණක් තවදුරටත් ක‍්‍රියාත්මක වනු ඇති.