Tuesday, September 24, 2024

General line - 0115112241

“අලි බලාගන්න අපිට දෙන්න – පින්නවල කෑම හිඟයි” – කතරගමින් ඉල්ලීමක්




වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා වන අලීන් සිරකර තබා නොගෙන රැකබලා ගත හැකි ආයතනවලට ලබා දෙන්නැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඞී. පී. කුමාරගේ පවසනවා. රුහුණු කතරගම මහා දේවාලයට ද පහසුවෙන් වන අලින් රැක බලාගත හැකි බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

කතරගමදී අලින්ට කෑමට ඇති තරම් පළතුරු වර්ග ලැබෙන බවත් අනෙකුත් ආහාරද අඩු නැතිව මෙහිදී ලැබෙන බවත් කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ පැවසුවා.

පින්නවල වැනි දැනට වන අලින් රඳවා සිටින ස්ථානවල එම සතුන් රැක බලා ගැනීම දුෂ්කර වී ඇතැයි ද පින්නවල වන අලින් සඳහා ආහාර හිගයක් පවා ඇතැයි තමන් නිරීක්ෂණය කළ බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී නැවත වරක් ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි බස්නායක නිලමේවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය මේ වනවිට අඩු වී ඇතැයි මීට පෙර ප‍්‍රකාශ කෙරුණා. බලපත‍්‍ර දෝෂයක් හේතුවෙන් එහි සිටි ‘‘ භානු’’ නමැති අලියා වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනේ පෙරේදා (07) දිනයේයි. එහි සිටි ‘‘සමෝදි’’ නමැති අලියා ද බලපත‍්‍ර දෝෂයක් නිසා වනජීවි නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගැණුනා.