Monday, September 23, 2024

General line - 0115112241

ජල හිඟයෙන් පීඨ වැසේ




පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මතුව ඇති ජල හිඟය නිසා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසර සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සතියක කාලයක් සඳහා මෙලෙස අදාළ පීඨ වසා තැබෙන බවයි.

කෙසේවෙතත් සියලු පීඨයන්හි පළමු හා සිව්වන වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවසුවා.