Monday, September 23, 2024

General line - 0115112241

නියඟය නිසා විශ්ව විද්‍යාලයක් වැසේ…




ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල සියලූ පීඨ වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, පවතින ජල හිඟය හේතුවෙන්. පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටිනවා. ඒ අනුව සතියක කාලයක් අදාළ පීඨ වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් සියලූ පීඨයන් හි පළමු සහ සිව්වන වසරවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පැවසුවේ.

මේ අතර හෙට දිනයෙන් පසුව දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.