Wednesday, September 27, 2023

General line - 0115112241

ඩකා ප්‍රහාරයේ වගකීම ගන්න කවුරුත් නෑ




බංග්ලාදේශයේ අද (07) සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාර ගෙන නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප‍්‍රහාරය එල්ල වූ කිෂෝරේගාන්ච් ප‍්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි.

ප‍්‍රහාරයෙන් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයෙකුද ඇතුලත්. මෙම ප‍්‍රහාරය එල්ල වූයේ දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක් රාමසාන් දේව මෙහෙයක නිරත වෙමින් සිටියදීයි. බෝම්බ ප‍්‍රහාර කිහිපයක් එල්ල වීමෙන් පසු වෙඩි තැබීම්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.