Friday, April 26, 2024

General line - 0115112241

බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් මියගිය නියම ගණන හෙළිවෙයි




ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ඉකුත්දා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 281ක් බව තහවුරු වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පැවසුවේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ නිවැරදි සංඛ්‍යාලේඛන අනාවරණ කර ගැනීමට හැකි වූයේ ඊයේ දිනයේදී බවයි.

ඉකුත් ඉරිදා වෙළෙඳ සංකීර්ණයක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල වුණා. එහි වගකීම භාරගනු ලැබුවේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාර්ශ්වයක් විසින්.