Friday, March 29, 2024

General line - 0115112241

මට්ටක්කුලියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන




මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඊයේ (23) රාත‍්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී පනස් හය වර්ගයේ උණ්ඩ කොපු හතරක් සහ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල උණ්ඩ කොපු දෙකක් සොයා ගැණුනා.

මෙය පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් මත සිදුවූවක් බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකුට ඊයේ (23) රාත‍්‍රියේ සැත්කම් සිදු කෙරුණු අතර මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.