Saturday, April 20, 2024

General line - 0115112241

ටෝනි බ්ලෙයාර් ත‍්‍රස්තවාදියෙක්!




බි‍්‍රතාන්‍ය හිටපු අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් ත‍්‍රස්තවාදියෙකු බව ඉරාක යුද්ධයේදී මියගිය සෙබළෙකුගේ සහෝදරියක් පවසනවා. සේරා  ඕ කෝනර් නම් ඇය 38වන වියේ පසුවන්නියක්. රොබට්  ඕ කෝනර් ඇගේ සහෝදරයා වනවා.

2005 වසරේදී ගුවන් යානයකට එල්ල වූ ප‍්‍රහාරයකින් ඔහු මියගියා. තවත් ගුවන් සෙබළුන් 9 දෙනෙකු ද එම ප‍්‍රහාරයෙන් මියගිය බවයි සේරා  ඕ කෝනර්  පවසන්නේ. තම සහෝදරයාගේ මෙන්ම ඉරාක යුද්ධයේදී මියගිය සෙසු සියලූ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ මරණවලට ටෝනි බ්ලෙයාර් වගකිව යුතු බවද ඇය කියා සිටියා.