Thursday, November 30, 2023

General line - 0115112241

අමෙරිකාවෙන් රුසියාවට දඬුවමක්




අමෙරිකාවේ සේවයේ යෙදී සිටි රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

සිය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකුට රුසියාවේ මොස්කව් නුවරදී පොලිස් නිලධාරියෙකු කළ පහරදීමකට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.

රුසියාවේ සේවයේ යෙදී සිටින සිය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇතැයි අමෙරිකාව මීට පෙර ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් රුසියාව පැවසුවේ මෙම චෝදනාව පිළිගත නොහැකි බවයි.

මොස්කව් නුවරදී ඉකුත් දා පහරදීමට ලක්වූ බව කියන රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියා ඔහුගේ අනන්‍යතා ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවද සිය පොලිස් නිලධාරියා ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් බවද රුසියාව කියා සිටියා.