Saturday, September 21, 2024

General line - 0115112241

‘මම සියලු අමෙරිකානුවන් සඳහා ජනාධිපති’ – ට්‍රම්ප් කළ කතාව මෙන්න




අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙම ජයග‍්‍රහණයෙන් පසු සිය මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී සිය ආධාරකරුවන් අමතා කථා කළා.

ඔහු පැවසුවේ සියලුම අමෙරිකානුවන්ට රට වෙනුවෙන් එක්සත් වීමට දැන් කාලය එළැඹ ඇති බවයි. තමා සියලු අමෙරිකානුවන් සඳහා ජනාධිපතිවරයා බවත් එය තමාට ඉතා වැදගත් බවත් සඳහන් කළා. දැන් කාලය උදාවී ඇත්තේ එකම අමෙරිකාවක් ලෙස එක්සත් වීමට යනුවෙන්ද සඳහන් කළා.