මුහුදුබඩ මාර්ගයේ මොරටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය අනිද්දා (11) රාත‍්‍රී 10.00 සිට ලබන 15 වැනිදා සවස 4.00 දක්වා තාවකාලිකව අත්හිටුවෙනවා.
ශ‍්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ මොරටුව සහ රත්මලාන අතර පිහිටි පැරණි දුම්රිය පාලමක් වෙනුවට නව පාලමක් ස්ථාපිත කිරීම මීට හේතු වන බවයි.
ඒ අනුව අදාළ කාලය තුළ මාතර සහ ගාල්ල දෙසින් පැමිණෙන දුම්රිය මොරටුවට පමණක් සීමා වනවා. කොළඹ දෙසින් පැමිණෙන දුම්රිය ගල්කිස්ස දක්වා පමණයි ධාවනය කෙරෙන්නේ.
එම කාලය තුළ ක‍්‍රියාත්මක කෙරෙන සංශෝධිත දුම්රිය කාල සටහන පහතින් දැක්වෙයි.