Saturday, September 21, 2024

General line - 0115112241

හෙට ගේන අයවැය ගැන මුදල් ඇමති කතා කරයි




සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සහිත සංවර්ධන අයවැයක් පාර්ලිමේන්තුවට හෙට (10) ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

‘‘සැමට ප‍්‍රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක්’’ යන්න මෙවර අයවැයේ තේමාවයි.

මෙම අයවැය සකස් කිරීමේ දී ගොවි, ධීවර, කම්කරු, සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්, ආයෝජකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් ක‍්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ සහ ආගමික නියෝජිතයින් වැනි පාර්ශවයන්ගේ අදහස්වලට ප‍්‍රමුඛත්වය ලබාදුන් බව ද අමාත්‍යවරයා කියා සිටියා.

විරැකියාවට විසදුම් ලබාදීම, ජීවන බර අඩු කිරීම, ආයෝජන ප‍්‍රවර්ධනය එහි ප‍්‍රධාන ඉලක්කයන්. අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකාර්මික යන ක්ෂේත‍්‍රයන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.