Saturday, September 21, 2024

General line - 0115112241

මුළු ඡන්ද දායකයින් ලක්ෂ දෙකකින් වැඩි වෙයි ලු




මෙම වසරේ දී ඉකුත් වසරට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරනවා.

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ මෙම ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පතක් මේ වනවිට මහජන ප‍්‍රදර්ශනය සඳහා මුදාහැර ඇති බවයි.

ඊට ඉදිරිපත් වන විරෝධතා සහ සංශෝධන ද සැලකිල්ලට ගෙන අවසන් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව ද ඔහු කියා සිටියා.

මේ වනවිට සකස් කර ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත ග‍්‍රාම නිලධාරී කාර්යාලවලින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.