Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිවරණය ගැන ඉහළ උනන්දුව ලංකාවෙන් – ගූගල් හෙළි කරයි




අමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් පැවැති මැතිවරණය සම්බන්ධයෙන් අන්තර්ජාල සෙවුම්වලදී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ උන්නදුවක් වාර්තා වී තිබෙනවා.

එනම්, පසුගිය සතිය තුළ ගූගල් සෙවුම් යන්ත්‍රයේ ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ සෙවුම්වලදී ශ්‍රී ලංකාව 24‍% ක උනන්දුවක් පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ මෙම මැතිවරණය සම්බන්ධයෙන් ඉහළම උනන්දුවක් දක්වන රට බවට පත්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එහිදී ඉන්දියාව පෙන්වා ඇත්තේ 18‍%  උනන්දුවක්.  එමෙන්ම පාකිස්තානය 10‍%  උනන්දුවක් පෙන්වා ඇති අතර ආසියානු කලාපයෙන්ම තායිවානය පමණක් 33‍% ක ඉහළ උනන්දුවක් පෙන්වා තිබෙනවා.

අනෙක් බොහෝ ආසියානු රටවල් ශ්‍රී ලංකාව දක්වා ඇති උනන්දුවට පහළ අගයක් වාර්තා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඇමෙරිකාවෙන් පරිභාහරිව එරට මැතිවරණය සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වා ඇති රට බවට කැනඩාව පත්ව සිටිනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් කැනඩා ජනතාවගේ අන්තර්ජාල සෙවුම්වල පවතින උනන්දුව 100‍% ක් බවයි වාර්තා වී ඇත්තේ.

මීට අමතරව ඝානාව 96‍% උනන්දුවක්, උගන්ඩාව 88‍% ක උනන්දුවක්,  නයිජීරියාව 80‍% ක උනන්දුවක්, නවසීලන්තය 79‍% ක උනන්දුවක්, අයර්නල්තය 77‍% ක උනන්දුවක් ආදී වශයෙන් පෙන්වා ඇති බවයි ගූගල් දත්ත පෙන්නුම් කරන්නේ.