Saturday, September 21, 2024

General line - 0115112241

‘ටොප්ටෙන්’ නිසා පාඩුව බිලියන 32 ක් ලු




යහපාලන ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන් දස දෙනා හෙවත් ‘‘ටොප්ටෙන්’’ නිසා රටට සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 32 ක් ඉක්මවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මෙම අමාත්‍යවරුන් ලැයිස්තුවේ නම් දෙකක් ද ඔවුන් අද (09) අනාවරණ කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ “මේ දහ දෙනාගෙන් පළවෙනියා තමයි අපි අගමැතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ල. අද මුදල් ඇමතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.” යනුවෙනි.

අග‍්‍රාමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට එරෙහි පැමිණිලි ඒකාබද්ධ විපක්ෂය විසින් භාර දී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවටයි. එම පැමිණිලි කඩිනමින් විභාග කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා කියා සිටියා.