Friday, October 18, 2024

General line - 0115112241

ජනපතිට සහ අගමැතිට ළං වූ තරුණයා මානසික රෝගියෙක් ලු




පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමීපයට මාධ්‍යවේදියෙකු ලෙස පැමිණි තරුණයා මේ මස 17 වෙනිදා තෙක් අද (15) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි. මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් එම සැකකරු ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත සමීප වී ඡායාරූප ගන්නා අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගැනුණා.

එම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූයේ මෙම තරුණයා මානසික රෝගයකින් පෙලෙන බවයි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍යවරයෙකුගේ වාර්තාවක් කැඳවීමට ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. සැකකරු භාරයේ තිබුණු කැමරාව සම්බන්ධයෙන් ද විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නා.