Friday, October 18, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් ‘ආවා’ කල්ලියේ තිදෙනා අතර හමුදාවේ හිටපු අයෙකුත්




උතුරේ කි‍්‍රයාත්මක ‘ආවා’ කල්ලියට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු යුද හමුදා සාමාජිකයෙකු ද සිටින බව අද (15) පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

ඒ, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක නැගූ ප‍්‍රශ්නයකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පිළිතුරු දුන් අවස්ථාවේදීයි.

මෙහිදී පිළිතුරු ලබාදුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ “දැනට අත්අඩංගුවට ගෙන තියෙන ආවා කල්ලියේ තුන්දෙනෙක්ගෙන් එක් අයෙක් හමුදාවේ නිලධාරියෙක් හැටියට සේවය කරලා තිබුණා. ඔහු දමිළ ජාතිකයෙක්. ප්‍රශ්න කරනකොට ඒ පුද්ගලයා කිව්වේ.. හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ මෙම කල්ලියත් සමග සම්බන්ධ වුණා කියලයි.” යනුවෙනි.