Monday, March 20, 2023

General line - 0115112241

මහේලට IPL පුහුණුකරු ධුරයක් (VIDEO)




මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණු ධුරයට ශී‍්‍ර ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා.

ඔහු එම ධුරයට පත්කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු පුහුණුකරු රිකි පොන්ටින් වෙනුවටයි.

රිකී පොන්ටින් අයි පී එල් තරගාවලි 4කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

නව පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල පවසන්නේ මෙය තමන්ට ලැබුණු සතුටුදායක අවස්ථාවක් බවයි.

මහේල ජයවර්ධන 2008 සිට 2010 දක්වා කලක් පී‍්‍රටි සින්ටා හිමිකාරීත්වය දරන කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමද නියෝජනය කළා.