Saturday, April 27, 2024

General line - 0115112241

මන්ත්‍රී වැටුප වැඩි කිරීමට අගමැතිගෙන් යෝජනා




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අමතරව මැතිවරණ කොට්ඨාසයක් භාර සෑම මන්ත්‍රීවරයෙකුටම මසකට තවත් රුපියල් ලක්ෂයක හෝ දීමනාවක් ලබාදිය යුතු බවයි.

දැනට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම අපහසුවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.