Thursday, March 28, 2024

General line - 0115112241

“මීට වසර දෙකකට පෙර අදවන් දවසක්” – ජනපති මතක් කරයි




මීට වසර දෙකකට පෙර අදවන් දිනක සියලු තනතුරු අතහැර පැවති රජයෙන් සමුගැනීමට ගත් තීරණය තම දේශපාලන ජිවිතයේ සුවිශේෂීතම දිනය බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවට සහ ඡන්දය ලබානොදුන් ජනතාවටද එක ලෙස සේවය කිරීම තමන්ගේ අරමුණ බවයි.

පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත් 2014 වසරේ අදවන් දිනක ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (21) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා එම අවස්ථාව සිහි කරමින් මෙම අදහස් පළ කළා.