Friday, September 20, 2024

General line - 0115112241

රට රැකියා සඳහා නව ක‍්‍රමවේදයක්




ඉදිරි වසර දෙකෙන් පසු පුහුණු ශ‍්‍රමිකයන් පමණක් විදෙස් රැකියා සඳහා යොමුකරවීමේ නව ක‍්‍රමවේදයක් සකස් කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ නිසි පුහුණු නොලැබූ පුද්ගලයන් විදෙස් රැකියා සඳහා යොමුවීමෙන් ගැටළු රැසක් මතුවන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් කි‍්‍රයාත්මක කරන විගමණික ශ‍්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අනුරාධපුරයේදී ඊයේ (27) එක්වෙමින් තලතා අතුකෝරළ අමාත්‍යවරිය මේ බව කියාසිටියා.