Friday, September 20, 2024

General line - 0115112241

දුම්රිය සේවකයන් වර්ජනයකට සැරසෙයි




දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදීමේ තීරණයට විරෝධය පළ කරමින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

දුම්රිය සේවා වෘත්තීය සමිති සමුහික සන්ධානයේ කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු සඳහන් කළේ දෙසැම්බර් මස පළමු වනදා පැය 24 ක සංකේත වර්ජනයක් කි‍්‍රයාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි.

අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගන්නා බවද ඔහු ප‍්‍රකාශ කළා.