Friday, September 20, 2024

General line - 0115112241

ඉදිරියේදී තවත් බද්දක් (VIDEO)




සීනි, ලුණු සහ මේදය අධික වශයෙන් ඇති ආහාර ද්‍රව්‍යවලට නව බදු මුදලක් හදුන්වාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලොව බොහෝ රටවල් දැනටමත් මෙම ක‍්‍රමය අනුගමනය කරන බවයි.

අගලවත්ත, පිඹුර මූලික රෝහල නවිකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතීන්වල ප‍්‍රතිඵල මුදලින් පමණක් තක්සේරු කළ නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.