Friday, September 20, 2024

General line - 0115112241

හිටපු STF අණදෙන නිලධාරියාට ඇප




පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම් සරත්චන්ද්‍ර අද (28) ඇපමත මුදා හැරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි. ඒ අනුව ඔහු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

වාහනයක් අවභාවිත කර රුපියල් එක් ලක්‍ෂ හතලිස් හය දහසක මුදලක් රජයට පාඩු කළ බව පවසමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙසැම්බර් මස 6 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කෙසේවෙතත් ඔහුගේ නීතිඥයන් මෝසමක් මගින් අධිකරණයට දැනුම් දි තිබුණේ තම සේවාදායකයා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ දූෂණ විරෝධි කමිටුවේ සාමාජිකයෙකු බවත් ඒ අනුව ඔහුට එම කවුන්සිලය මගින් සංවිධාන කෙරෙන රැස්වීමකට සහභාගිවීමට ආරාධනාවක් ලැබී තිබෙන බවයි.

එමෙන්ම ඔහුගේ අසනීප තත්ත්වය සහ රාජකාරි කාලයේදී රටට සිදුකළ සේවය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇප ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරුණා.

කෙසේවෙතත් පැමිණිලි පාර්ශවයෙන් ඊට විරෝධයක් එල්ල වුයේ නැහැ. එම නිසා පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරිවරයා ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණා. නඩුව පෙබරවාරි මස 21 වනදා යළි කැදවීමට නියමිතයි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරි කේ.එල්.එම් සරත්චන්ද්‍ර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද (28) අදහස් පළ වුණා. ඒ, ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන නැගූ ප‍්‍රශ්නයක් සමගයි.

එහිදී ඔහු ප‍්‍රශ්න කළේ මෙය දේශපාලන තීන්දුවක් බවයි. කෙසේවෙතත් අදාළ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරමින් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මෙලෙස අදහස් දැක්වුවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධනද අදහස් දැක්වුවා. ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මැදිහත් වුණා.