Friday, September 20, 2024

General line - 0115112241

පොරොන්දු වූ පරිදි සේවා විශ‍්‍රාම වැටුප ලබන පෙබරවාරියේ




පොරොන්දු වූ පරිදි ආබාධිත රණවිරුවන්ට ලබන පෙබරවාරි මාසයේ සිට සේවා විශ‍්‍රාම වැටුප ගෙවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ ඊට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

ඔහු මේ බව කියාසිටියේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු පැවසුවේ සේවා විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබුණද ඊට අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් නොකිරීම නිසා ඒ පිළිබද යළි සැකයක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නොමැති බවයි.

අදාළ සේවා විශ‍්‍රාම වැටුප පෙබරවාරි මාසයේ සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු අවධාරණය කළා.