බලය ලබාගැනීමට පෙර කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා බලය ලබාගැනීමෙන් පසු කම්කරුවන් අමතක කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ කම්කරු ගැටලූව සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවයි.
වැඩ වර්ජනයක නිරතව සිටින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (28) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මහා නාහිමියන් බැහැ දුටුවා. එම අවස්ථාවේදි උන්වහන්සේ මේ බව කියාසිටියා.