චීන බෞද්ධ දූත පිරිසක්, කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ අද (28) නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
එහිදී එම දූත පිරිස විදුහල නිරීක්ෂණය කිරීමට මෙන්ම එහිදී ආගමික වතාවත්වලට එක් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම පාසල කෙරෙහි චීන දූත පිරිසේ විශේෂ අවධානයක් යොමුව ඇත්තේ පාසලේ සිසුවියන්ගේ නිල ඇඳුම හේතුවෙන්.
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන්ගේ නිල ඇඳුම වන්නේ ළමා සාරියයි. ඔවුන් දිනපතා පාලසට පැමිණෙන්නේ ළමාසාරියෙන් සැරසී බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.