Wednesday, February 5, 2025

General line - 0115112241

“තව එක මාසයයි – පරණ වාහනේ යන්න බැරි ඇයි”




අමාත්‍යවරුන්ට වාහන මිල දී ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රුපියල් කෝටි 79 කට අධික පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අද (28) කැඳ වූ මාධ්‍ය හමුවක දී අදහස් පළ කළා.

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ “තවත් මාසයයි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න. මේ අවුරුද්දට වෙන් කළ මුදල් මදී කියලා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. ඒකේ මොනවද තියෙන්නෙ.. රථ වාහන මිල දී ගැනීම්, ගෘහ භාණ්ඩ මිලදී ගැනීම්, විදේශ සංචාර. ආණ්ඩුවට සුව කළ නොහැකි රට ගායක් සහ රථ ගායක් තියෙනවා. තව එක මාසයක් පරණ වාහනේ යන්න බැරි ඇයි.” යනුවෙනි.