Friday, September 20, 2024

General line - 0115112241

“ගැහුවොත් ගහනවා – හැබැයි උස්සන් යන්නේ නැහැ”




ආණ්ඩුව විසින් මාධ්‍ය මර්දනයක් සිදු නොකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) ප‍්‍රකාශ කළා.

මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කරන විවේචන පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා අද කරුණු පැහැදිලි කළේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මාධ්‍යත් බලනවා නම් තදින් පහර ගහන්න..අපිටත් එහෙම කරන්න පුලුවන්. ගැහුවොත් ගහන්න ඕනේ. උස්සගෙන යන්නැත්නම්.. වචනයෙන් කිව්වට කමක් නැහැ. ජනාධිපතිතුමත් මං වගේ කියන එක ප්‍රසිද්ධියේ කියනවා.” යනුවෙනි.

(අද පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් නෙත් නිවුස්  සැකසූ වාර්තාවක් පහතින් දැක්වෙයි.)