Friday, September 20, 2024

General line - 0115112241

බදුල්ල සිට බිබිල දක්වා හොඳ පාරක්




බදුල්ල – වෙන්කලඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ‘B’ උපාංගය යටතේ බදුල්ල සිට බිබිල දක්වා වන කිලෝමීටර් 60 ක් දිගැති මාර්ග කොටස පුනරුත්තාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ඉල්ලීමකට අනුව මෙම යෝජනාව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යනරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 60 ක ණය මුදලක් රජය වෙත ලැබී තිබෙනවා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

ව්‍යාපෘතිය කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.