Friday, September 20, 2024

General line - 0115112241

මැතිඇමතිවරුන්ගේ ලක්ෂයේ දීමනාව අනුමත වෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව අද (29) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඊට අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් 225 දෙනාටම මෙම රුපියල් ලක්ෂයේ දීමනාව ලබාදෙනු ඇති.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.