Friday, September 20, 2024

General line - 0115112241

දොස්තරලගේ වර්ජනයට මුහුණ දෙන්න සෞඛ්‍ය ඇමති සූදානම්ලු




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දින (30) ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය පිළිබද පුර්ව සාකච්ඡාවක් නොපැවැත්වුණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න පවසනවා.

එවැනි වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින (29) දහවල් තමන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගත යුතු බවත් විසදුම් සෙවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

කොළඹ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවැති පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගිතා දින උත්සවයෙන් පසු මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දින අයවැය යෝජනාවලට විරුද්ධව රෝහල්වල දියත් කරන වැඩවර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.