Friday, September 20, 2024

General line - 0115112241

අබ්දුල් රාසික්ට අදත් ඇප නැහැ




ආගම්වාදය ඉස්මතු වන ආකාරයෙන් ක්‍රියා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ශ්‍රී ලංකා තවුහීද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) යළි ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී විත්ති පාර්ශ්වය විසින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා සිටියේ ජාතිවාදය ඇති වන ආකාරයෙන් ක්‍රියාකිරීම තුළින් මොහු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ වරදක් සිදුකර ඇති බවයි.

ඒ අනුව අදාළ චෝදනාවට ඔහුට ඇප ලබාදීමට හැකියාවක් නොමැති බව ද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා සඳහන් කර තිබෙනවා.