Wednesday, December 25, 2024

General line - 0115112241

ඉතිහාසයේ වැඩිම පිරිස සහභාගි වන සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ වනවා. එය ලබන 17 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

මෙවර විභාගයට පැරණි හා නව නිර්දේශයන් යටතේ ලක්‍ෂ 7 කට ආසන්න අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිතයි.

එය සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගි වන අවස්ථාව බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර පැවසුවේ.

මේ අතර විභාග අපේක්‍ෂකයෙකු වෙනුවෙන් වංචනිකව වෙනත් අයෙකු පෙනී සිටියහොත් විභාග ශාලාව තුළදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

හෙටින් ආරම්භ වන විභාගය සදහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.