Wednesday, December 25, 2024

General line - 0115112241

ඇගලුම්හලක 86 ක් හදිසියේ රෝගී වෙති




අවිස්සාවේල්ල ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 86 දෙනෙකු හදිසියේ රෝගීවිම හේතුවෙන් අද (05) උදෑසන රෝහල්ගත කර තිබෙනවා. ඒ අතරට ඇගලුම් සේවිකාවන් 58 දෙනෙකුද ඇතුළත්.

ඔවුන් උදරාබාධය, ක්ලාන්තය සහ වමනය යන රෝගී තත්ත්වයන් පෙන්නුම් කළ බවයි අවිස්සාවේල්ල මූලික රෝහලේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේ.

කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.