Thursday, September 19, 2024

General line - 0115112241

ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වෙයි




තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වූ බව ඇය ප‍්‍රතිකාර ලබමින් සිටි රෝහල නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා.

මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවුණා. 6 වරක් තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූ ජයලලිතා දකුණු ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් ඉටුකළ කාන්තාවක් ලෙස මෙන්ම ඉන්දු ලංකා රාජ්‍ය සබඳතාවලට සෘජුවම මැදිහත් වූ අයෙකු ලෙස ද ප‍්‍රකටයි.

ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙන්. පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරුණා.

news-www-nethnews-lk001

මේ අතර ජයලලිතාගේ මරණය පිළිබඳ පුවත අසා අද අලුයම් කාලයේ පවා ඇගේ ආධාරකරුවන් අති විශාල පිරිසක් චෙන්නායි ඇපලෝ රෝහල අසල හැඬූ කඳුළින් රැඳී සිටියා. ඔවුන් පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම් පවා යෙදවීමටයි ප‍්‍රාන්ත බලධාරීන්ට සිදුවුණේ.

මේ අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ පනීර් සෙල්වම් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ නායකත්වය ද ඔහුට පිරිනමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.